/ Aug 07, 2025

පාතාලය එන්නෙ මොකාටද? පොලිසියටත් චණ්ඩි පාට්!

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක (Chief Inspector) ලින්ටන් ද සිල්වා මහතාට සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් ‘කෙහෙල්බද්දර පද්මේ’ විසින් මරණ තර්ජන එල්ල කර තිබේ. මෙම තර්ජනය (අගෝස්තු 3) රාත්‍රී 8.45ට පමණ දුරකතස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක (Chief Inspector) ලින්ටන් ද සිල්වා මහතාට සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් ‘කෙහෙල්බද්දර පද්මේ’ විසින් මරණ තර්ජන එල්ල කර තිබේ. මෙම තර්ජනය (අගෝස්තු 3) රාත්‍රී 8.45ට පමණ දුරකතනය ඔස්සේ සිදු වී ඇතැයි වාර්තා විය.

පොලිස් වාර්තා අනුව, මෙම තර්ජනයට ක්ෂණික හේතුව වී ඇත්තේ කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙකු වන 39 හැවිරිදි ගම්පහ දේවා නැමැත්තා ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ ඒකකය මඟින් අත්අඩංගුවට ගැනීමයි. ගම්පහ දේවා මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බවට චෝදනා එල්ල වන අතර, ඔහු අවස්ථා කිහිපයකදී කෙහෙල්බද්දර පද්මේ රුසියාවේදී සහ තායිලන්තයේදී හමු වී ඇති බවට තොරතුරු ලැබී තිබි අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී දේවා තායිලන්තයට යාමට සූදානම් වී ඇත්තේ පද්මේ හමුවීම සඳහා බවට පොලිසිය සැක කරයි.

කෙහෙල්බද්දර පද්මේ දුරකන ඇමතුමක් ලබාදෙමින් ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වාට පවසා ඇත්තේ, “ඔයත් ප්ලේ කරන්නේ ගේම් එකක්…අපිත් ප්ලේ කරන්නේ ගේම් එකක්නේ. හරි විදිහට මේක කරන්න කියන්න. ඔබතුමාට ළමයෙක් ඉන්නවා නේද? කරන්න ඕන දේ ඔබතුමත් දන්නවා නේ. අපි කොහොමත් මරණ සහතිකය අතේ තියාගෙන ඉන්නේ අපි මැරෙන්න බය නෑ” යනුවෙනි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගලගේ සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙමින් පවතී. පොලිසිය සඳහන් කරන්නේ, සංවිධානාත්මක අපරාධ මැඩලීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත්, මෙවැනි තර්ජන හමුවේ පසුබසින්නේ නැති බවත්ය. මෙම සිදුවීමත් සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලි ක්‍රියාකාරකම් පිළිබඳව යළිත් සමාජ අවධානය යොමු වී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top