/ Jan 24, 2026

බලංගොඩදී බස් රථ තුනක් ගැටී අනතුරක්: 30කට වැඩි පිරිසකට තුවාල

අද (11) උදෑසන බලංගොඩ ප්‍රදේශයේදී බස් රථ තුනක් එකිනෙක ගැටීමෙන් බරපතල රිය අනතුරක් සිදුව ඇති අතර, එමගින් 30කට අධික පිරිසක් තුවාල ලබා ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ බලංගොඩ – රත්නපුර ප්‍රධාන මාර්ගයේ, ප්‍රදේශයේදීය. පුද්ගලික බස් රථයක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක පිටුපස ගැටී ඇති අතර ඉන් සුළු මොහොතකට පසු, එම ස්ථානයට පැමිණි තවත් පුද්ගලික බස් රථයක් ද එහි ගැටී තිබේ.

තුවාල ලැබූ පිරිස අතර සිසුන් සහ ගුරුවරුන් සිටින බව වාර්තා වේ. ඔවුන් සියලු දෙනාම ප්‍රතිකාර සඳහා බලංගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් මාර්ගය ලිස්සන සුළු වී තිබීම අනතුරට හේතුව ලෙස පොලිසිය සැක කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top