/ Mar 14, 2026

අල්ලස් ගත්ත රජයේ සේවකයින් තිදෙනෙක් අත්අඩංගුවට!

රුපියල් 20,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත ත්‍රිකුණාමලය මහ නගර සභාවේ ගිනි නිවීම් හා හදිසි මුදවා ගැනීම් අංශයේ අංශ භාර ගිනි නිවන නිලධාරියෙකු සහ ගිනි භටයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කන්තලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව කන්තලේ නගර මධ්‍යයේ පිහිටි සංචාරක අවන්හලක් වෙත 2026 වර්ෂය සඳහා ගිණි ආරක්ෂණ සහතිකය ලබා දීම සඳහා අල්ලස් ලෙස මුදලින් රුපියල් 40,000ක් ඉල්ලා එකී මුදල රුපියල් 35,000දක්වා අඩු කර, එයින් රුපියල් 10,000ක මුදලක් බැංකු ගිණුමට බැර කරවාගෙන ඉතිරි රුපියල් 25,000, මුදලින් රුපියල් 20,000ක මුදලක් ලෙස ඉල්ලා ලබා ගැනීම හා ආධාර අනුබල ලබා දීම යන චෝදනා මත ත්‍රිකුණාමලය මහ නගර සභාවේ ගිනි නිවීම් හා හදිසි මුදවා ගැනීම් අංශයේ අංශ භාර ගිනි නිවන නිලධාරියෙකු (ස්ථානභාර නිලධාරී) සහ ගිනි නිවන භටයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මේ අතර රුපියල් 10,000ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබා ගැනීමේ චෝදනාව මත ප්‍රජා විශෝධන නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ
වාලච්චේන ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කළ පැමිණිල්ලකට අනුවය. පැමිණිලිකරුට අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පවරන ලද නඩුවකට දඬුවම් වශයෙන් පැය 200ක කාලයක් ප්‍රජා සේවයේ යෙදෙන ලෙසට කළ නියෝගයට අනුව එසේ ප්‍රජා සේවයේ නිසියාකාරව නොයොදන බව පවසා ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තු ලබා ගත හැකි බවත්, එසේ වරෙන්තු නොගෙන සිටීම වෙනුවෙන් රුපියල් 10,000ක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබා ගැනීමේ චෝදනාව මතයි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top