පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ලද පැමිණිලිලක් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා කතානායක ජගත් වික්‍රමරත්න විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ.
අද (23) දිනයේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරමින් කතානායකවරයා මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.
ඉකුත් මැයි 20වනදා පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධව ලද පැමිණිලිලක් සැලිකිල්ලක් ගනිමින් මෙම ත්‍රිපුද්ගල කමිටුව පත්කළ බවයි එහිදී කතානායකවරයා නිවේදනය කර සිටියේ.
ඒ අනුව අදාළ පැමිණිලිල සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ මෙම කමිටුවේ සභාපති ලෙස නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය නම්කර ඇත.
අමාත්‍ය විජිත හේරත් සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක එම කමිටුවේ සෙසු සාමාජිකයන් බව සඳහන්.