/ Nov 13, 2025

කෙහෙළියගේ පෙත්සම් තුනක් නිශ්ප්‍රභාවෙයි!

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයින්ට අයත් වත්කම් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය විසින් දී ඇති නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම් තුනක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරන විමර්ශනයකට අදාළව එම වත්කම් තහනම් කිරීම කටයුතු කර තිබේ.

කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින් විසින් උක්ත පෙත්සම් ඉදිරිපත් කර තිබුණු අතර අදාළ පෙත්සම් පිළිබඳ මූලික කරුණු සලකා බැලීමකින් අනතුරුව ජනක් ද සිල්වා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුලක් විසින් එම නියෝගය නිකුත් කර තිබේ.තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top