ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සිදු වූ විශාල මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එම සංස්ථාවේ සාමාන්‍යාධිකාරිවරයා විසින් පසුගිය 20 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදුකර තිබේ.
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ පරිගණක මෘදුකාංග පද්ධතියේ දත්ත වෙනස් කරමින් වෙක්පත් මගින් රුපියල් 27,031,024.15 ක මුදලක් වංචා කර ඇති බවටයි ඔහු පැමිණිලි කර තිබුණේ.
පසුව සිදුකළ විමර්ශන මත මුදල් වංචා කරන ලද සැකකරු හා ඊට ආධාර අනුබල දුන් සැකකාරියන් දෙදෙනෙකු පසුගියදා (01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35ක පුද්ගලයෙක් වන අතර සැකකාරියන් අවුරුදු 25, 32 යන වයස්වල පසුවන කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
ඔවුන් ඊයේ (02) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව එළැඹෙන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත් රුවනි ජයවර්ධන නියෝග කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරයි.