ත්‍රීරෝද රථ, පාසල් ප්‍රවාහන සේවා, ඇතුළු කුලි රථ ගමන් සේවාවන් නියාමනය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරුණු අතර ඒ සම්බන්ධයෙන් කරුණු දක්වමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී.ඒ චන්ද්‍රපාල පැවසුවේ පළමු අදියරේදී මෙම ප්‍රවාහන සේවාවන් සම්බන්ධයෙන් දත්ත එක්රැස් කිරීම සිදුකරන අතර එම වැඩසටහන නොවැම්බර් පළමුවැනිදා සිට ආරම්භ කරන බවයි.
පොදුවේ මෙම කේෂ්ත්‍රයන්හි නියැලෙන විශාල සංඛ්‍යාවකගේ ආරක්ෂාව වෙනුවෙන් රාජ්‍ය නොවන ප්‍රවාහන සේවකයින්ගේ මණ්ඩලය ලෙස ආයතනයක් පිහිටුවීමට කටයුතු කාන අතර ඒ තුළින් ඔවුන්ගේ ජීවන මට්ටම තහවුරු කිරීම වෙනුවෙන් මෙහි මූලික කටයුතු ආරම්භ කළ බවද සභාපතිවරයා සඳහන් කරන ලදී.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා,
මාධ්‍ය හමුවට එක්වූ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය නිලාන් මිරැන්ඩා පැවසුවේ ත්‍රීරෝද රථ, පාසල් හා කාර්යාල ප්‍රවාහන සේවා කුලී රථ සහ විශේෂ චාරිකා සේවා යන කොටස්වල දත්ත එක්රැස් කිරීම සිදුකරන බවත් ඒ සඳහා රාජ්‍ය ආයතනවල හා රථගාල්වල ස්ටිකරයක් ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන බවත්ය.





