/ Mar 12, 2025

රේගු නීති දැඩි කරන්න : ජනපතිගෙන් උපදෙස්

PRESIDENT & CUSTOM OFFICERS MEETING

ශ්‍රී ලංකා රේගුව තුළ පවතින අක්‍රමිකතා තුරන් කිරීම සඳහා දැඩි නීති සම්පාදනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් රේගු උසස් නිලධාරීන්ට උපදෙස් ලබා දී ති‌බේ.

රේගු උසස් නිලධාරීන් සමඟ 2025 අයවැය සහ ආයතන ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (05) පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර ඇත.

වර්තමානයට ගැළපෙන ආයතනික ව්‍යුහයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව තුළ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුකළ යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇති අතර මෙහිදී රේගුවේ පවතින අකාර්යක්ෂමතාව, වංචා දූෂණ සහ ජනතාව තුළ පවතින අප්‍රසාදය පිළිබඳවද ජනාධිපතිවරයා අවධානය යොමු කර තිබේ.

මීට විසඳුම් ලෙස නව තාක්ෂණය දෙපාර්තමේන්තු මෙහෙයුම් කටයුතු වේගවත් කිරීම සඳහා යොදා ගැනීමෙන් කාර්යක්ෂමව සේවා සැපයීමේ සැලසුම් පිළිබඳව අවධානය යොමුව ඇති අතර දෙපාර්තමේන්තුවෙහි නව ප්‍රතිව්‍යුහගතකරණ සැලසුම් පිළිබඳව ද සාකච්ඡා කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top