/ Sep 01, 2025

ටිරාන්ගේ ආරක්ෂාව තවත් වැඩි කරන්න යයි

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට ඩුබායිහි සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුගෙන් තර්ජනාත්මක දුරකතන ඇමැතුම් ලැබී ඇතැයි ඔහු පෞද්ගලිකවම වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ වී ඇතැයි පැවසේ.

ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් සහ එම සාමාජිකයන් පිටරට සිට මෙරටටට ගෙන්වා ගැනීමට අවශ්‍ය නියෝග දීම පිළිබඳ සඳහන් කරමින් මෙම දුරකතන ඇමැතුම් ඔහුට ලැබී ඇති බව කියයි.

හිටපු ඇමැතිවරයාගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීමට මේ අනුව කටයුතු කෙරෙන බව වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top