/ Jul 24, 2025

අඹුසැමි යුවළක් බසයක ගැටේ; බිරිඳ එලොව යයි – සැමියාට බරපතළයි

අඹුසැමි යුවළක් ගමන් ගත් යතුරුපැදියක් බස් රථයක ගැටී අද (01) උදෑසන බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් බිරිඳ මියගොස් ඇති අතර සැමියා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත.

බේරුවල සිට කළුතර දෙසට ගමන් කරමින් තිබූ යතුරුපැදියක් හම්බන්තොට සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුරින් මියගොස් ඇත්තේ මහවිල, හඹුරුගල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top