යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උත්ථානය සිහිපත් කෙරෙන පාස්කු ඉරිදා දිනය (20) අදට යෙදී තිබේ.
සකල ලෝක වර්ගයාම පාපයෙන් ගැලවීම පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සිය ජීවිතය පූජා කර දින 3කට පසු නැවත උත්ථානය ලැබීම පාස්කු මංගල්‍යය ලෙස කිතුනුවෝ සමරති. ලොව පුරා මෙන්ම ලාංකික කිතුනු ජනතාවද මහත් බැතියෙන් මෙම දිනය ස්මරණය කරති.
අද දිනයේ සියලු දේවස්ථානවල දිව්‍ය පූජාවන් පැවැත්වේ.
ඒ අතර මෙරට ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකයක් වූ 2019 වර්ෂයේ පාස්කු ඉරිදා දින කතෝලික දේවස්ථාන මූලික කර එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාරවලට ද වසර 6ක් ගතව තිබේ. ජීවිත 273ක් බිලිගත්, 500කට අධික පිරිසක් තුවාළ කළ මෙම ප්‍රහාරවල මූලය තවමත් සොයා ගැනීමට නොහැකිව තිබේ.
කෙසේ වෙතත්, දිවයින පුරා දේවස්ථානවලට විශේෂ ආරක්ෂකාවක් සපයා ඇති බව ආරක්ෂක අංශ පවසයි.