/ Nov 16, 2025

ඇසල පොහොය දිනය අදයි!

බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස සැලකෙන ඇසල පොහොය දිනය අදට (10) යෙදී තිබේ.

පස්මහ බැලුමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීමට මහමායා දේවි කුස පිළිසිඳ ගැනීමද, ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණයද, රාහුල කුමාරෝප්පත්තිය ද සිදු වූයේ අද වන් පොහොය දිනක බව බෞද්ධ විශ්වාසයයි.

බුද්ධත්වයෙන් ඉක්බිති පස්වග තවුසන්ට උදෙසා ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම, යමා මහ පෙළහර පෑම ද බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

වෙහෙර විහාරවල වැඩ වසන හිමිවරන්ගේ වස් විසීම ආරම්භ වන්නේ ඇසල පොහොය දිනයේ ය.

රට පුර වෙහෙර විහාරවල අද දිනයේ ආගමික වතාවත් පැවැත්වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top