/ Jun 18, 2025

ජාත්‍යන්තර කම්කරු දිනය අදයි ; මෙරට ප්‍රධාන රැළි මෙන්න!

Today is International Workers' Day.

ජාත්‍යන්තර කම්කරු දිනය අද (01) යි. 1886 වසරේ දී ඇමරිකාවේ කම්කරුවන් පැය 8ක වැඩමුරය ඉල්ලා කරන ලද සටනින් මිය ගිය කම්කරුවන් සැමරීම පිණිස වාර්ෂිකව ඇරඹි මෙම දිනය මේ වන විට ලෝකය පුරා කම්කරුවන්ගේ දිනය ලෙස නම් කර තිබේ.

ලෝකය පුරා සෑම රටකම කම්කරු ජනතාව සිය දිනය අද සමරති.

මෙරට ද දේශපාලන පක්ෂ සහ සංවිධාන විවිධ ස්ථානවල සිය කම්කරු දින සැමරුම පවත්වති.

කොළඹ නගරය තුළ පමණක් මැයි රැලි 14කි. 

ආණ්ඩු බලය හොබවන ජාතික ජනබලවේගයේ කම්කරු දින සැමරුම ගාලුමුවොදර පිටියේ දී පැවැත්වේ. එය ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

සමගි ජනසන්ධානයේ මැයි රැලිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් තලවකැලේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිය කම්කරු දින රැළිය බීආර්සී පිටියෙන් පෙළපාලිය අරඹා කිරුළපන ලලිත් ඇතුළත්මුදලි ක්‍රීඩාංගණය වෙත පැමිණ පැවැත්වේ.

පොදුජන පෙරමුණේ කම්කරු දින රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් රංගපීඨයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සර්වජන බලය පක්ෂය දිලිත් ජයවීරගේ ප්‍රධානත්වයෙන් වරකාපොලදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙම කම්කරු දින සැමරුම් හේතුවෙන් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top