මැදින් පුර පසළොස්වක පොහොය අද (02)ට යෙදී තිබේ.
බුද්ධත්වයට පත්වීමෙන් පසු ප්‍රථම වතාවට තම පියාණන් වූ සුද්ධෝදන රජතුමා ඇතුළු ශාක්‍ය වංශිකයන් දැකීමට බුදුරජාණන් වහන්සේ රජගහ නුවර සිට කිඹුල්වත් පුරය බලා ගමන ආරම්භ කළේ මැදින් පෝය දිනකයි.
සිද්ධාර්ථ කුමාරයාගේ කුඩා කල මිතුරෙකු වූ කළුදායි ඇමති (පසුව රහතන් වහන්සේ නමක් වූ) විසින් බුදුරජාණන් වහන්සේට තම උපන් ගමට වඩින ලෙස ආරාධනා කළේත්, ඒ ගමනට සුදුසු පරිදි මග දෙපස පරිසරය වර්ණනා කරමින් ගාථා 60ක් දේශනා කළේත් මේ පොහෝ දිනක බව බෞද්ධ ඉගැන්වීම්වල එයි.





