/ Feb 05, 2025

77 වන නිදහස දිනය අදයි

77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අද (04) පෙරවරුවේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

“ජාතික පුනරුදයට පෙළගැසෙමු” යන තේමාව යටතේ මෙවර නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙවර නිදහස් දින උත්සවය අඩු පිරිවැයකින් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී නිදහස් දින සැමරුම් උළෙල සඳහා යොදා ගන්නා යුද හමුදා නිලධාරීන් ප්‍රමාණය 40% කින් පමණ අඩු කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙරට සියලු පුරවැසියන්ට සමානාත්මකව සලකන රටක් නිර්මාණය කිරීම 77 වන නිදහස් දින සැමරුම් උළෙලේ මූලික අරමුණ වෙයි.

මේ අතර 77 වන ජාතික නිදහස් සැමරුම නිමිත්තෙන් අද දිනයේ කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන අතර රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ සඳහන් කළේ, ඒ අනුව කොළඹ ප්‍රදේශයේ රථ වාහන ගමනාගමනය සීමා කිරීම් සහ මාර්ග වසා තැබීම් සිදුකිරීමට නියමිත බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top