/ Jun 08, 2025

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් අදත් වැඩවරයි

දිවයින පුරා සියලු රෝහල්වල අද (05) යළි වර්ජනයක් ක්‍රියාත්මක කරන බව පරිපූර්ක වෛද්‍ය වෘත්තීයවේදීන් පවසයි.

උසස්වීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් සඳහා මේ වන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විසඳුම් ලබානොදීම හේතුවෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි ඔවුන් පවසන්නේ.

ඒ අනුව අද උදෑසන 8.00 සිට මෙම වර්ජන ක්‍රියාමාර්ගයේ නිරත වන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසුවේය.

කෙසේවෙතත් මෙම වර්ජනයට පිළිකා රෝහල, මාතෘ සහ ළමා රෝහල්, වකුගඩු රෝහල් සහ මධ්‍යම ලේ බැංකුව ඇතුළු සුවිශේෂ ආයතන සම්බන්ධ නොවන බව සඳහන්.

අද දිනයේ වර්ජනය සඳහා වෛද්‍ය රසායනාගාර පර්යේෂණ වෘත්තිකයන්, ඖෂධවේදීන් ඇතුළු පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෘත්තීන් 5ක් එක් වන බව වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top