හෙට (05) දිනයේ දී වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි.
සමසෞඛ්‍ය ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බවයි වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් සඳහන් කළේ.
අදාළ ගැටළුව විසඳා ගැනීම සඳහා සාකච්ඡාවක් ලබාදීම අමාත්‍යවරයා විසින් මඟහරිමින් සිටින බව සභාපතිවරයා පැවසීය.
පරිපූරක වෛද්‍ය සේවාවේ උසස්වීම් සම්බන්ධයෙන් පොරොන්දු වූ විසඳුම් මේ වනතෙක් ලබාදීමට පියවර ගෙන නොමැති බව ද ඔහු පැවසීය.
ඒ අනුව සාකච්ඡාවකින් තොරව වර්ජන ක්‍රියාමාර්ගය අත්හැරීමට පියවර නොගන්නා බවයි පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අවධාරණය කර සිටින්නේ.