/ Mar 12, 2025

ජනවාරියේ සංචාරක පැමිණීම වාර්තාගතයි

srilanka tpurism

මෙම වසරේ ජනවාරි මාසයේදී විදෙස් සංචාරකයන් 252,761ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.

පසුගිය 2024 ජනවාරි මාසයේ සංචාරකයන් 208,253ක් පැමිණ ඇති අතර ඊට සාපේක්ෂව ගත් කළ මෙම වසරේ සංචාරකයින් 44,508ක වැඩිවීමක් සිදුව තිබේ.

මෙතෙක් ඉතිහාසයේ ජනවාරි මාසය තුළ වැඩිම සංචාරකයන් ගණනක් පැමිණ ඇත්තේ මෙම වසරේදී බවයි සඳහන් වන්නේ.

ඊට ඉන්දියානු සංචාරකයින් 43,375ක්, රුසියානු සංචාරකයින් 34,096ක්, බ්‍රිතාන්‍ය සංචාරකයින් 21,730ක්, චීන සංචාරකයින් 16,709ක් හා ජර්මන් සංචාරකයින් 15,050ක් ඇතුළු වෙනත් රටවල සංචාරකයින්ද ඇතුළත් වෙයි.

මීට පෙර සංචාරකයන් වැඩිම සංඛ්‍යාවක් පැමිණීමේ වාර්තාව 2018 ජනවාරි වූ අතර එම සංඛ්‍යාව 238,924ක් ලෙස සටහන් විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top