/ Jan 23, 2026

ඔක්තෝබරයත් වාර්තා පොතට එක්කරමින් සංචාරක පැමිණීම තවත් ඉහළට!

ඔක්තෝබර් මුල් දින 26 තුළ සංචාරකයෝ 137,876 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මෙය පසුගිය වසරේ අදාල කාලපරිච්ඡේදය තුළ දිවයිනට පැමිණි එක්ලක්ෂ දහතුන් දහස් එකසිය අසූ නවය සමඟ සසදා බැලීමේ දී 21.8% ක වර්ධනයක් බව දැක්වෙයි.

ඒ අනුව, ජනවාරි පළමුවැනිදා සිට ඔක්තෝබර් 26 වන දා දක්වා දිවයිනට පැමිණ තිබෙන මුළු සංචාරකයන් ගණන දහ අට ලක්ෂ හැට තුන් දහස් තුන්සිය හැත්තෑවක් ලෙස ඉහළ ගොස් ඇත.

එය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය තුළ පැමිණි පහළොස් ලක්ෂ අනූ හත් දහස් නවසිය අනූ හත සමග සලකා බැලීමේ දී 16.6% ක වර්ධනයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top