/ Jan 10, 2026

දෙහිවල වෙඩි තැබීමකින් සංචාරක හෝටලයක හිමිකරුවෙක් මරුට!

දෙහිවල, මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි ‘සී ෂෙල්ස්’ (Sea Shells) නමැති සංචාරක හෝටලයේ හිමිකරු ඉලක්ක කර ගනිමින් ඊයේ (09) රාත්‍රී 8.45 ට පමණ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් එම හෝටලයේ හිමිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

වෙඩි වැදීමෙන් බරපතල තත්ත්වයෙන් පසුවූ එම හෝටල් හිමිකරු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඔහුගේ ජීවිතය බෙර ගැනීමට හැකි වී නැත.

මිය යන විට එම තැනැත්තා 57 හැවිරිදි වියේ පසුව ඇත.

යතුරුපැදියකින් පැමිණි මුහුණු ආවරණය නොකළ පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර ඒ වනවිට හෝටල් හිමිකරු සිය මිනිබිරිය ද සමඟ රැඳී සිට ඇති බව සඳහන්.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ දෙහිවල පොලිසිය එක්ව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top