බංග්ලාදේශයේ ඇඟලුම් කම්හලක ඇති වූ දරුණු ගින්නකින් පුද්ගලයන් 16 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වෙයි.
ගින්නෙන් හඳුනා ගැනීමට නොහැකි ලෙස සම්පූර්ණයෙන්ම පිළිස්සී ගිය මළ සිරුරු 16ක් සොයාගෙන ඇති අතර මෙම ගින්න පැය තුනකට පසුව නිවා දැමීමට හැකි වූ නමුත්, ඊට යාබදව පිහිටි රසායනික ගබඩාවක දිගින් දිගටම ගින්න පැවතුණ බව බලධාරීහු සඳහන් කරති. මාධ්‍ය වාර්තා පවසන්නේ මිර්පූර් හි රසායනික ගබඩාවේ ගින්න සම්පූර්ණයෙන් පාලනය කර ගැනීමට නොහැකි වූ බවයි.
ගොඩනැගිලි දෙකෙන් පළමුව ගින්න හටගත්තේ කුමන ස්ථානයේද යන්න ගිනි නිවීමේ නිලධාරීන් මෙතෙක් තහවුරු කර නොමැත.
අනතුරුදායක ලෙස ගිනි තීව්ර කළ හැකි බ්ලීචිං පවුඩර්, ප්ලාස්ටික් සහ හයිඩ්රජන් පෙරොක්සයිඩ් ගබඩාවේ තැන්පත් කර තිබූ බව ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසයි.
කම්හලේ සහ ගබඩාවේ අයිතිකරුවන් සොයා ගැනීමට පොලිසිය සහ හමුදා නිලධාරීන් තවමත් උත්සාහ දරමින් සිටින අතර, ගබඩාව නීත්‍යානුකූලව ක්‍රියාත්මක වූයේ දැයි සොයා බැලීමේ විමර්ශනයක් ද මේ වන විට ක්‍රියාත්මකය.