/ Jul 28, 2025

තවත් ශෝකජනක අනතුරක්: දියණියන් දෙදෙනෙක් ඇතුළු 3ක් මරුට!

ඊයේ (19) දහවල් සිදුවූ ඛේදජනක රිය අනතුරකින් දැරියන් දෙදෙනෙක් සහ රියදුරෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

නාරම්මල – ගිරිඋල්ල මාර්ගයේ මෙම අනතුර සිදුව ඇති අතර ටාටා නැනෝ වර්ගයේ කුඩා මෝටර් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ දකුණු පසට ධාවනය වී මුහුණලා පැමිණි රෝසා වර්ගයේ බස් රථයක ගැටී තිබේ.

මෙම අනතුරෙන් අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ ගමන් ගත් තවත් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා දඹදෙණිය සහ නාරම්මල රෝහල් වෙත ඇතුළත් කර තිබේ. මියගොස් ඇත්තේ වයස අවුරුදු 38ක් වූ රියදුරා සහ මාස 09ක් සහ 11ක් වයසැති දැරියන් දෙදෙනෙකි.

මියගිය සියලු දෙනා මහව, දිවුල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව නාරම්මල පොලීසිය සඳහන් කරයි.

කුඩා කාර් රථයේ ආරක්ෂාව මඳකම මෙම අනතුරේ ප්‍රධාන හේතුව බව පැවසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top