/ Jan 23, 2026

විශේෂඥයින් පවා ව්‍යාකූලව සිටින ස්පාඤ්ඤයේ දුම්රිය අනතුර: මිය ගණන 39ක් දක්වා ඉහළට!

ස්පාඤ්ඤයේ සිදුවූ අධිවේගී දුම්රිය අනතුරින් මිය ගිය පුද්ගලයින් ගණන 39 ක් ලෙස ඉහළ ගොස් තිබේ.

මැලගා සිට මැඩ්රිඩ් ඩ් බලා ධාවනය වූ දුම්රියක් පීලි පැන ප්‍රතිවිරුද්ධ මාර්ගයේ පැමිණි දුම්රියක ගැටීමෙන් එම අනතුර සිදුව තිබේ.

මියගිය සහ තුවාල ලැබූවන්ගෙන් වැඩි දෙනෙක් මැඩ්රිඩ් සිට හුවෙල්වා දක්වා දකුණට ගමන් කළ දෙවන දුම්රියේ ඉදිරිපස මැදිරිවල සිටි අය බව සඳහන්.

හදිසි සේවා මගින් පුද්ගලයින් 112 දෙනෙකුට ප්‍රතිකාර කර ඇති අතර, ඉන් 48 දෙනෙකු තවමත් රෝහලේ සිටින බවත් ඉන් 5 දෙනෙකු ළමුන් බවද වාර්තා වෙයි. රෝහල්ගතව සිටින අයගෙන් එකොළොස් දෙනෙකු තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද දැක්වෙයි.

පීලි පැනීමට ලක් වූ අධිවේගී දුම්රියේ මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 300 ක් පමණ සිට ඇති අතර අනෙක් දුම්රියේ තවත් සියයක් පමණ ගමන් ගනිමින් සිට ඇත.

මෙම අනතුර සම්බන්ධයෙන් එරට ප්‍රවාහන අමාත්‍ය ඔස්කාර් පුවෙන්ටේ පවසන්නේ “අතිශයින්ම අමුතු” අනතුරක් වන අතර සියලුම දුම්රිය විශේෂඥයින් අනතුරෙන් අතිශයින් ව්‍යාකූලත්වයට පත්ව ඇති බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top