‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමෙන් හානි වූ කන්කසන්තුරය සහ අනුරාධපුරය අතර දුම්රිය ධාවන කටයුතු අද (22) සිට නැවත ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
අයහපත් කාලගුනයේ බලපෑම හේතුවෙන් දුමරිය මාර්ග රැසකට හානි වූ අතර වැඩිම හානිය සිදුවූයේ උඩරට මර්ගයටයි.
උඩරට මාර්ගයේත් බදුල්ල සහ අඹේවෙල අතර කොටස ප්‍රතිසංස්කරණවලින් පසු පසුගිය 20 වැනිදා ධාවන කටයුතු ආරම්භ කළේය. ඒ ආපදාවෙන් දින 23කට පසුවයි.
නැඟෙනහිර දුම්රිය මාර්ගයේ හානි වූ ස්ථාන අලුත්වැඩියා කිරීමෙන් අනතුරුව කොළඹ කොටුව හා ත්රිකුණාමලය අතර ධාවන කටයුතුද පසුගිය (20) ආරම්භ විය.
ඒ අනුව දින 23 කට පසුව කොළඹ කොටුව සිට උදෑසන 6ට ත්රිකුණාමලය බලා පළමු දුම්රිය ගමන් ආරම්භ කළ අතර ත්රිකුණාමලයේ සිට කොළඹ කොටුව දක්වාද උදෑසන 7 ට දුම්රියක් ධාවනය කෙරුණි.





