/ Sep 16, 2025

විනිසුරන් ඇතුළු නිලධාරීන් 106කට වහාම ක්‍රියාත්මක වෙන ලෙස මාරුවීම්!

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ලබන 15 වැනිදා සිට වහාම ක්‍රියාත්මක වෙන පරිදි දිසා විනිසුරුවරුන්, මහේස්ත්‍රාත්වරුන් සහ නිලධාරීන් ඇතුළු 106 දෙනෙකුට මාරුවීම් ලබා දී තිබේ.

අගවිනිසුරු ප්‍රමුඛ අධිකරණ සේවා කොමිෂන් සභාවේ නියෝග පරිදි කොමිෂන් ලේකම් ප්‍රසන්න අල්විස් විසින් මෙම මාරුවීම් ලබා දී ඇත්තේ දිසා විනිසුරුවරු 17ක්, අතිරේක දිසා විනිසුරුවරු 23ක්, වැඩබලන සහ වැඩ ආවරණය කළ දිසා විනිසුරුවරු 6ක් ඇතුළු පිරිසකටයි.

මෙම පිරිස දිවයිනේ විවිධ පළාත්වල රාජකාරි කළ පිරිස් වෙති. කොළඹ, මාලිගාකන්ද, ගල්කිස්ස ආදී ප්‍රදේශවල රාජකාරී කළ අධිකරණ නිලධාරීන් සේම යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, තංගල්ල, අවිස්සාවේල්ල, හැටන්. බලපිටිය, ගාල්ල, අනුරාධපුරය, කල්මුණේ ආදී ප්‍රදේශවල රාජකාරි කළ විනිසුරුවරුන් මීට අයත් වෙති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top