/ Jan 23, 2026

යුක්‍රේනය, රුසියාව සහ ඇමෙරිකාව අතර ත්‍රෛයි පාර්ශ්වික සාකච්ඡා!

යුද ගැටුම් අවසන් කිරීමේ අරමුණින් යුක්‍රේනය, රුසියාව සහ ඇමෙරිකාව අතර ත්‍රෛයි පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

මෙම ත්‍රෛයි පාර්ශ්වික සාකච්ඡා අබුඩාබි හිදී පැවැත්වීමට නියමිත අතර යුක්‍රේන හා ඇමෙරිකා ජනාධිපතිවරුන් අතර හමුවක් ඊයේ(22) ඩාවෝස් හිදී පවත්වා තිබේ.

එහි තීරණ දැනුම් දීමට ඇමෙරිකා නියෝජිතයින් රුසියානු ජනාධිපති පුටින් අද(23) මුණගැසී තිබුණි.

එම සාකච්ඡා අතිශය සාර්ථක බව සඳහන්.

ඒ අනුව රුසියාව යුක්‍රේනය සමග සෘජු සාකච්ඡා පැවැත්වීමට එකඟතාවය පළකර ඇති අතර එහි මැදිහත්කරුවන් ලෙස ඇමෙරිකාව කටයුතු කරනු ඇති.

ඇමෙරිකාවේ ආරක්ෂක සහතිකයක් යටතේ යුක්‍රේනය මෙම සාකච්ඡා සඳහා සහභාගී වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top