කටාර් රාජ්‍යයේ පිහිටුවා ඇති ඇමරිකානු හමුදා කඳවුර ඉලක්ක කරමින් ඉරාන මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබේ. මෙම පිපිරීම් සිදුව ඇති බව තහවුරු වී ඇත.
ඉරාන ඉස්ලාමීය ආරක්ෂක බලකාය පවසන්නේ කටාර්හි අමෙරිකානු අල් උඩෙයිඩ් ගුවන් කඳවුර ඉලක්ක කර ගනිමින් පලිගැනීමේ මිසයිල ප්‍රහාරයක් දියත් කළ බවයි. එසේ ම ඉරාකයේ ඇමරිකානු කඳවුරු ද ඉලක්ක කරගනිමින් මිසයිල මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ද ඉරාන පුවත් ඒජන්සි වාර්තා කර තිබේ.
ඒ අතර මෙතෙක් දින ඉරානය කෙරෙහි දැඩි ස්ථාවරයක් පෙන්වූ එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෝෂල් ටෘත් වෙත පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ ඉරානය සහ ඊශ්‍රායෙලය සටන් විරාමයක් සඳහා එකඟ වූ බවයි.
දෙපාර්ශ්වයම පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟ වූ බව විශේෂ මාධ්‍ය හමුවක්ද පවත්වා ට්‍රම්ප් කියා සිටියේ ය. ඇති කරගත් එකඟතා අනුව කටයුතු කිරීමට දෙපාර්ශ්වයටම යම් කාලයක් ගත වනු ඇති බව කී එක්සත් ජනපද ජනපතිවරයා, යුද උණුසුම අවසන් බවත් සාමය උදා වෙනු ඇති බවත් කියා සිටියේ ය.
සටන් විරාමය අදියර වශයෙන් ඇරඹෙන බව කී ට්‍රම්ප් ජනපති, දෙපාර්ශ්වයට සුබ පැතුවේ ය.