අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිදන්ගත නහර රෝගයකින් පෙළෙන බව ධවල මන්දිරය නිවේදනය කර තිබේ.
ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිටි පැවසුවේ රෝග නිර්ණය සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාට පරීක්ෂණයක් ද සිදු කළ බවයි.
ජනාධිපතිවරයාගේ අතේ තැලීම් සහ කකුල් ඉදිමීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් අනතුරුව මෙම පරීක්ෂණය සිදුකර ඇති අතර, එහිදී ඔහු නිදන්ගත නහර රෝගයකින් පෙළෙන බවට එහිදී අනාවරණය වී තිබේ.