සති තුනක පමණ කාලයක සිට ඉරානයේ පවතින විරෝධතා හමුවේ ඇමරිකානු ජනාධිපතිවරයා ඉරාන රජයට බලපෑම් එල්ල කරමින් තිබේ.
යම්කිසි ලෙසකින් තවදුරටත් විරෝධතාකරුවන් ඝාතනය වුවහොත් තමන් ඉරානයට මිලිටරිමය වශයෙන් මැදිහත්වෙන බවයි ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කර ඇත්තේ.
මේ අතර ඉරානය සමඟ වාණිජ සබඳතා පවත්වන රටවල් සම්බන්ධයෙන් තීරණයක් ගනිමින් එම රටවල්වලට 25%ක අතිරේක තීරු බද්දක් පනවා ඇත.
කෙසේවෙතත් මේ වන විටත් ඉරානයේ භාවිතය සඳහා රහසිගත සහ හමුදා මෙවලම් රාශියක් පිළිබඳව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව දැනුවත් කර ති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
දිගු දුර මිසයිල ප්‍රහාර සඳහා යොමුවීමේ අවස්ථාව පවතියද පෙන්ටගනයේ නිලධාරීන් සයිබර් මෙහෙයුම් සහ මනෝවිද්‍යාත්මක ප්‍රචාරක ප්‍රතිචාර ද ඉදිරිපත් කර ඇති බව සඳහන්.
ඉරානයේ ඇවිලී තිබෙන විරෝධතා හේතුවෙන් මේ වන විට 600කට වැඩි දෙනෙක් මරණයට පත්ව ඇති බවද දැක්වෙයි.
පවතින තත්ත්වය හමුවේ ඉරානයට ඇමරිකාවේ මැදිහත්වීම සිදුවිය හැකි හෙයින් ඉරාන විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ ටෙහෙරානය වොෂින්ටනය සමඟ සාකච්ඡා සඳහා විවෘත බවත්, නමුත් යුද්ධයට වුවද සූදානම්” බවත්ය.
ඉරාන මුදල් ඒකකයේ බිඳවැටීම සහ ආර්ථික අවපාලනය පිළිබඳ කලකිරීම ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ නීත්‍යානුකූලභාවය පිළිබඳ අර්බුදයක් දක්වා ව්‍යාප්ත වී තිබේ.
දැනටමත් දැඩි එක්සත් ජනපද සම්බාධක යටතේ සිටින ඉරානය, කඩා වැටෙන මුදල් ඒකකයක් සහ උද්ධමනයකට මුහුණ දී ඇති අතර එමඟින් ආහාර මිල 70% කින් පමණ ඉහළ ගොස් තිබේ. ආහාර ඉරානයේ ආනයනවලින් තුනෙන් එකක් පමණ වන අතර, තීරුබදු හේතුවෙන් ඇති වන තවදුරටත් සීමා කිරීම් හිඟය සහ පිරිවැය තවත් උග්‍ර කළ හැකිය.
ඉරානයේ විරෝධතාකරුවන් අවම වශයෙන් 648 දෙනෙකු මිය ගොස් ඇති අතර, ඉන් වයස අවුරුදු 18 ට අඩු දරුවන් නව දෙනෙකු ද ඇතුළත් බව නොර්වේ පදනම් කරගත් මානව හිමිකම් කණ්ඩායමක් වන ඉරාන මානව හිමිකම් (IHRNGO) සංවිධානය පවසයි. කෙසේවෙතත් ඉරානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ මරණ සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් වැඩි විය හැකි බවයි.
ඉරානයේ පවතින තත්ත්වය අනුව බොහෝ ජාත්‍යන්තර ප්‍රවෘත්ති ආයතනවලට ඉරානය තුළ සිට වාර්තා කිරීමට නොහැකි වී තත්ත්වයක්ද පවතියි. ඊට ප්‍රධානම බාධාව වී ඇත්තේ අන්තර්ජාල සේවා විසන්ධි කර පැවතීමයි.





