පසුගිය දිනවල විපක්ෂයේ කාළකණ්ණි මෙරට ට්‍රම්ප්ගේ බද්ද නිසා ඇඟලුම් කර්මාන්ත කඩා වැටේ යැයි බලාපොරොත්තු වූ බවත්, එහෙත් තම රජයේ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස එක්සත් ජනපදය එම බද්ද දින 90ක් දක්වා කල් දැමූ බවත් නි. ඇමැති චතුරංග අබේසිංහ පවසයි.
මෙම කාලය ලබා දී ඇත්තේ සාකච්ඡාව පිණිස බවද ඔහු කියා සිටියේ ය. විපක්ෂයට සංවිධානයක් හෝ පක්ෂයක් පවා නැති බැවින් කිසිදු හව්හරණක් නැති බවයි ඔහු පෙන්වා දෙන්නේ. පළාත්පාලන මැතිවරණය වෙනුවෙන් සංවිධානය කෙරුණු ජනහමුවක් අමතමින් කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා මේ කරුණු කියා සිටියේ ය.