ගුරුවරයෙක්ගෙන් අතවරයට ලක් වීමෙන් සහ ටියුෂන් ආයතන හිමිකරුවෙකු අපහාස කරන ලදැයි කියන සිදුවීම් නිසාවෙන් දිවි නසාගත් බව පැවසෙන කොටහේනේ පදිංචිව සිටි 16 හැවිරිදි දැරියගේ මරණයට අදාළව චෝදනා එල්ල වන ටියුෂන් ආයතන හිමිකරු ඊයේ (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් පැමිණිල්ලක් කර තිබේ.
මෙම පුද්ගලයා පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ, සමාජ මාධ්‍ය මගින් තමන්ට අපහාස සිදු කරන බව කියමිනි. මියගිය අදාළ සිසුවිය අසනීප තත්ත්වයෙන් පන්තියට සහභාගි වීම හේතුවෙන් තමා ඇයගේ දෙමාපියන් ගෙන්වා අසනීප තත්ත්වය සුවවූ පසුව පන්තිවලට සහභාගී කරවන ලෙස පමණක් දැනුම්දුන් බව ද එම පුද්ගලයා සඳහන් කළේය.
තමාගේ පින්තූර යොදාගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස විවේචනයන් එල්ල කිරීම තුළින් තමා අපහසුතාවයට පත්ව ඇති බවත් එය කවුරුන් හෝ සිතාමතා සිදුකරනු ලබන්නක් බවට තමාට සැකයක් ඇති බව ද අදාළ පුද්ගලයා පැවසීය.
කෙසේ වෙතත් අදාළ පාසල් ගුරුවරයා මේ වන විට අනිවාර්ය නිවාඩු යැවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති අතර ජාතික ළමාරක්ෂක අධිකාරිය සිසුවියගේ මරණය ගැන විශේෂ විමර්ශනයක් අරඹා තිබේ.