/ Jul 29, 2025

මිතුරියන් දෙදෙනෙක් කෝවිලේ දී එකටම අවසන් ගමන් යයි

මුලතිව්හි කොට්ටුකිනරු කෝවිලේ ළිඳට වැටීමෙන් ඊයේ (01) දහවල් පාසල් ශිෂ්‍යවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

මුලතිව් පොලිසිය පවසන්නේ මියගිය දැරිවියන් දෙදෙනා කෝවිලේ පූජාවකට සහභාගි වී ළිඳ අසළට ගොස් ඡායාරූප ගනිමින් සිටිය දී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇති බවයි.

ළිඳට වැටුණු දැරිවියන් දෙදෙනා මුලතිව් රෝහලට ඇතුළත් කළත් ඔවුන් අනතුරුව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ මුලතිව්, මාමුනෙයි ප්‍රදේශයේ පදිංචි 10 ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ සිසුවියන් දෙදෙනෙකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top