පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු පළා යාමේ සිදුවීමක් හේතුවෙන් රත්නපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.
මෙසේ වැඩ තහනම් කර ඇත්තේ පොලිස් සැරයන්වරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ ය. අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශනය සඳහා රත්නපුර මූලස්ථාන පොලිසිය වෙත භාර දී තිබේ.
පොලිස් සිර මැදිරියේ රඳවා සිටි සැකකරු වැසිකිලි යාමට අවැසි බව පවසා නිලධාරීන්ගෙන් මිදී පළා ගොස් ඇත.
රත්නපුර පදිංචිකරුවෙකු වන සැකකරු වෙඩි තැබීම් ගණනාවකට සම්බන්ධ බවයි විමර්ශන අංශ පවසන්නේ.