උඩබද්දාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගයේ අපේක්ෂකයා පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ජයග්‍රහණය කර තිබේ. ඒ සමගි ජනබලවේගය ඇතුළු විපක්ෂයේ අනෙකුත් පක්ෂ සහාය ලබා ගනිමිනි.
ජාතික ජනබලවේගයේ අපේක්ෂකයාට සිය පක්ෂයේ ඡන්ද 09 ලැබී ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට විපක්ෂය සහය ලබා දීමෙන් ඡන්ද 10ක් ලැබී තිබුණි. උපසභාපති ධුරය සමගි ජනබලවේගය ඉදිරිපත් කළ අපේක්ෂකයා වෙත ලැබී තිබේ.
ඒ අතර කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙසද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු තේරී පත්ව ඇතැයි සැලවේ.