ඇවන්ගාඩ් සමාගම පවත්වාගෙන ගිය අවි ගබඩා තුනක් ඉවත් කර ගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් නිකුත් කළ නියෝගයක් බල රහිත කිරීමේ නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ රිට් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (25) නියෝග කර තිබේ.
එම සමාගම සහ එහි සේවකයින් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම් දෙකක් මූලික වශයෙන් සළකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත්කර ඇත්තේ.
ඇවන්ගාඩ් සමාගම දීර්ඝ කාලයක් මුළුල්ලේ සිදුකල සමුද්‍ර ආරක්ෂණ සේවා සැපයීම ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබාදීමට ජනධිපතිවරයා කටයුතු කර තිබුණු අතර ඇවන්ගාඩ් සමාගම මගින් දීර්ඝ කාලයක් මුළුල්ලේ සමුද්‍ර ආරක්ෂන සේවා සැපයීම තුළින් මෙතෙක් ශ්‍රී ලංකා රජයට විශාල ආදායමක් අහිමිවී තිබුණි.
ඒ පිළිබඳ වහාම ක්‍රියාත්මක වෙමින් ජනාධිපතිවරයා මෙම සමුද්‍ර ආරක්ෂණ සේවා සැපයීම නාවික හමුදාවට භාර දෙන ලදී.
සමුද්‍ර ආර්ක්ෂණ සේවා ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකිරීම මගින් රටට අඛණ්ඩව විශාල ඩොලර් ආදායමක් හිමිවන අතර මීට පෙර මෙම සියලු ඩොලර් ආදායම අවන්ගාඩ් පෞද්ගලික සමාගම ලබා ගෙන තිබුණි.
ඒ අනුව මාස 04 ක් වැනි කෙටි කාලයක් තුළදී ස්වාධීන සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් සිදු කිරීමෙන් ඇමෙරිකා ඩොලර් පන් ලක්ෂ අනූ අට දහස් දෙසිය පනහක මුදලක් ඉපැයීමට නාවික හමුදාව සමත්විය.





