කොළඹ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී උළුවටුගේ සඳමාලිට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.
නව නාගරික මන්ත්‍රීවරියගේ පත්වීම සැමරීමට විශේෂ පිළිගැනීමේ උත්සවයක් ඊයේ (16) රාත්‍රියේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි කාර්යාලය අසල දී පවත්වා ඇති අතර එම ස්ථානයට කඩාවැදුණු ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් පිරිසක් විසින් තමාට පහරදුන් බවට මන්ත්‍රීවරිය චෝදනා කරයි.
ඇයගේ බෙල්ලෙන් සහ කෙස් වැටියෙන් අල්ලා බිම දමා මාලිමා ආධාරකරුවන් පිරිස තමාට පහර දුන් බවයි ඇය පවසන්නේ.
පහර කෑමෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරිය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.
ග්‍රෑන්ඩ්පාස් පොලිසිය සඳහන් කරන්නේ ගැටුමට සම්බන්ධ පාර්ශ්ව දෙකෙහිම පුද්ගලයින් මේ වනවිට රෝහල්ගත වී ඇති බවයි.