කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ නව සිසුවියක නවක වදය විඳදරා ගැනීමට නොහැකිව කාර්මික විද්‍යාලය අසල වැවකට පැන්න අවස්ථාවේ ඒ අවට සිටි පිරිසක් විසින් බේරාගෙන තිබේ.
දැරිය කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඇගේ තත්වය බරපතළ නැති බව කියැවේ.
කිඹුලන්ද සිටින වැවට දැරිය පනින අවස්ථාවේ අවට පිරිසක් සිටීම නිසා වෙන්නට ගිය විනාශයක් වැලකුණු බවයි ජනතාව පවසන්නේ.
සිසුවියගේ ප්‍රකාශයට අනුව ඇය පැවසීමට නොහැකි තරම් වධ හිංසනයන්ට ලක් වූ බව කියා තිබේ. ඇගේ ප්‍රකාශයට අනුව කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් දෙදෙනෙකු සහ සිසුවියක් අත්අඩංගුවට ගෙන අද (04) නවක වද පණත යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.