/ Jun 01, 2025

එක්සත් ජනපද තීරුබදු: කැබිනට් හමුවේදී ප්‍රකාශිත තොරතුරු!

Trump gives green light to tax: President says!

ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රකාශයට පත් කරන ලද වෙළඳ තීරුබදු සම්බන්ධයෙන් එක්සත් ජනපද රජය සමඟ සාකච්ඡා තවමත් අවසන් වී නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස  පවසයි.

අද කැබිනට් රැස්වීමෙන් පසු පැවති මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකා දූත පිරිස එක්සත් ජනපදයේ රැඳී සිටිමින් එක්සත් ජනපද නිලධාරීන් සමඟ සාකච්ඡා දිගටම පවත්වන බවයි.

සාකච්ඡා සම්බන්ධයෙන් තවමත් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර නොමැති හේතුව විමසූ විට, දෙපාර්ශ්වය අතර එකඟතාවයකට පැමිණි පසු එවැනි ප්‍රකාශයක් නිකුත් කරන බවයි ඇමැතිවරයා කියා සිටියේ.

මෑතකදී, ශ්‍රී ලංකා රජය විසින් සිදුවෙමින් පවතින සාකච්ඡා පිළිබඳව නිල ප්‍රකාශයක් නිකුත් කරන ලද අතර, එහි සඳහන් වූයේ ශ්‍රී ලංකා දූත පිරිසක් අප්‍රේල් 22 වන දින වොෂින්ටන් ඩී.සී. හි එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලයේදී එක්සත් ජනපද වෙළඳ නියෝජිත තානාපති ජේම්සන් ග්‍රියර් හමුවූ බවයි.

ශ්‍රී ලංකාව අතීතයේ මුහුණ දී ඇති අභියෝග සහ අනාගත අභියෝග ජය ගැනීමට සහ පූර්ණ ආර්ථික ප්‍රකෘතියක් කරා යාමට ගෙන ඇති පියවර පිළිබඳව කරුණු තානාපති ග්‍රියර් වෙත දැනුම් දුන් බව වාර්තා විය. 

ශ්‍රී ලංකා රජය සාකච්ඡා පිළිබඳව නිල ප්‍රකාශයක් නිකුත් කර ඇතත්, එක්සත් ජනපද රජය තවමත් ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර ඒකාබද්ධ ප්‍රකාශයක් ද තවමත් නිකුත් කර නොමැත.

2025 අප්‍රේල් 09 වන දින සිට බලපැවැත්වෙන පරිදි ට්‍රම්ප්ගේ සංශෝධිත වෙළඳ ප්‍රතිපත්තිය යටතේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය ශ්‍රී ලංකා භාණ්ඩ සඳහා 44% ක තීරුබදු පැනවීමෙන් පසු ශ්‍රී ලංකා දූත පිරිස දැනට එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලය සමඟ සාකච්ඡාවල නිරතව සිටී.

කෙසේ වෙතත් මේ වන විට චීනය හැරෙන්නට අනෙක් රටවල් සඳහා මෙම බදු ප්‍රතිත්තිය දින 90ක් දක්වා කල් දැමීමට ට්‍රම්ප් පාලනය තීන්දු කරනු ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top