එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායතනය ( USAID) ශ්‍රී ලංකා මාධ්‍යවේදීන්ට වැඩමුළු පැවැත්වීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 7.9ක මුදලක් වැය කර ඇතැයි එරට පරිපාලනය අනාවරණය කර තිබේ.
ඉකුත් කාලය පුරාවට USAID ආයතනය විසින් සිදු කළ ව්‍යාපෘති සම්බන්ධයෙන් පසුගිය දිනෙක ට්‍රම්ප් පරිපාලනය විසින් අනාවරණය කළ අතර ශ්‍රී ලංකා මාධ්‍යවේදීන්ට ස්ත්‍රී පුරුෂ ලිංගිකත්වය මත පදනම්ව සිදුකරන භාෂා භාවිතයෙන් වළකින ආකාරය පිළිබඳ වැඩමුළු පැවැත්වීමද ඊට ඇතුළත්.
ඒ අනුව MEND එනම් ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් සඳහා මාධ්‍ය සවිබලගැන්වීම නම් එම ව්‍යාපෘතිය යටතේ සති කිහිපයක් පුරා, ස්ත්‍රී පුරුෂභාවය සහ LGBTQ ආශ්‍රිත මාතෘකා සම්බන්ධව මාධ්‍යවේදීන් සඳහා වැඩමුළු හතරක් පමණ පවත්වා ඇතැයි ද වාර්තා වෙයි.
කෙසේ වෙතත් 2017 වසරේ සිට 2023 දක්වා පැවති මේ ව්‍යාපෘතිය ට්‍රම්ප් පරිපාලනය හඳුන්වාදී තිබුණේ විකාරරූපී ව්‍යාපෘතියක් ලෙසයි.