/ Mar 15, 2025

පොත රනිල්ගේ-පිටකවරේ අනුරගේ: වජිර කියයි!

මාලිමා රජය විසින් ඉදිරිපත් කරන ලද අය-වැය රනිල් වික්‍රමසිංහ ජනපතිවරයාගේ ආර්ථික වැඩපිළිවෙලේම දිගුවක් බව එජාප සභාපති වජිර අබේවර්ධන පවසයි.

මේ ආණ්ඩුව කර ඇත්තේ රනිල්ගේ අය-වැය පොතේ පිටකවරය වෙනස් කිරීම පමණක් බව කියන එජාප සභාපතිවරයා එහි අලුත් එකකට ඇත්තේ ක්ලීන් ශ්‍රී ලංකා පමණක් බවද අවධාරණය කළේ ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවන්ට අනුව අය-වැය ඉදිරිපත් කර ඇත, ආදයම් උත්පාදනය සඳහා ඇත්තේ වාහන ගෙන්වීමේ සහ තීරුබදු යෝජනාව පමණකි, 2024 රනිල් පාලනයේ රටේ ආදායම හොඳ මට්ටමකට පැමිණි බව මාලිමා රජය පිළිගෙන තිබේ, යනුවෙන් වජිර අබේවර්ධන සඳහන් කළේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top