අද (03) උදෑසන සිය ගැබිණි බිරිඳ ගෙළ කපා ඝාතනය කර ඇයගේ හිස කොටස ද ගෙන පොලිසිය වෙත පැමිණි පුද්ගලයෙකු සම්බන්ධයෙන් වවුනියාව, පුලියංකුලම ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සුගීර්දරන් රාජුන් ස්වාර්ණලතා නමැති වවුනියාව, පුලියංකුලම ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි ගැබිණි කාන්තාවකි.
ඇය නයනමඩු ප්‍රදේශයේ පාසලක ගුරුවරියක් වශයෙන් සේවය කළ තැනැත්තියක් බව පොලිසිය පවසයි.
පුලියංකුලම, නයිනමඩු මාර්ගයේ රක්ෂිත ප්‍රදේශයක් අසලට බිරිඳ සමග පැමිණ ඇති සැකකාර සැමියා, ඇය තියුණු ආයුධයකින් කපා ඝාතනය කොට සිරුර රක්ෂිත ප්‍රදේශයේ දමා හිස කඳින් වෙන්කර ස්කූටර් වර්ගයේ යතුරු පැදියේ ඉදිරිපස තබාගෙන පුලියන්කුලම පොලිසිය වෙත රැගෙනවිත් ඇති බවට පොලිස් විමර්ශවලදී අනාවරණය වී ඇත.
මෙම අපරාධය සිදුකළ බව කියන සැකකාර සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු කොළඹ වරාය නගරයේ කම්කරුවෙකු ලෙස සේවය කළ තැනැත්තෙක් බව සඳහන්.
පොලිසිය ප්‍රකාශ කළේ, මිය ගිය කාන්තාව පාසල් සිසුවෙකු සමග අනියම් සම්බන්ධයක් පවත්වන බවට කිහිප දෙනෙකු විසින් සැමියාට දුරකතනය ඔස්සේ පවසා ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් මෙම ඝාතනයට සිදුකරන්නට ඇති බවයි.
සැකකාර සැමියා වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, පුලියංකුලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.