/ Jan 12, 2026

වාහන හිමිකම් පැවරුම : TIN අංකය අනිවාර්යයි!

වාහන විකිණීමේදී හිමිකාරිත්වය පැවරීමේදී බදු ගෙවන්නාගේ හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය මේ වන විට අනිවාර්යය කර තිබේ. මේ වසරේ ජනවාරි 05 වැනි දා සිට මෙම නීතිය ක්‍රියාත්මක කර ඇත.

මෙතෙක් කලක් ටින් අංකය අවශ්‍ය වූයේ නව වාහනයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමේදී පමණක් වන අතර මේ වසරේ සිට ලියාපදිංචි වාහන හිමිකම් පැවරීමේදී ද එම නීතිය ක්‍රියාත්මක වේ.

ඒ අනුව යතුරුපැදි, අත්ට්‍රැක්ටර්, ට්‍රැක්ටර් සහ ත්‍රිරෝද රථ හැර අනෙකුත් සියලු මෝටර් වාහන ලියාපදිංචියේදී හා අයිතිය පැවරීමේදී අදාළ නව අයිතිකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය සහ බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ඇතුළත් කළ යුතු වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top