/ Feb 24, 2026

ආදායමක් නැහැ කියමින් ඥානසාර හාමුදුරුවෝ පිං කැටයක් අරියි!

නිසි ආදායමක් නොමැති වීම මත බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පිං කැටයක් විවෘත කර තිබේ.

උන්වහන්සේ පවසන්නේ පසුගිය කාලයේ තමා ධර්ම දේශනා කරමින් මුදල් සොයා ගත් නමුත් වර්තමානය වන විට තාමාට කිසිදු ආදායමක් නොමැති බවයි.

ඒ අනුව එම පිං කැටයට රුපියල් 100 ගාණේ හෝ ලබාදීමට කාරුණික වන ලෙසයි උන්වහන්සේ ඉල්ලා සිටින්නේ.

මෙම පිං කැටයට මුදල් එකතු කිරීම පිණිස උන්වහන්සේ පිණ්ඩපාතය වැඩීමට නියමිතයි.

තමාට අපහාස සහ අසත්‍ය චෝදනා කරන පිරිසට එරෙහිව අනිවාර්‍යයෙන්ම අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත්, ඒ හේතුවෙන් මෙවැනි පිං කැටයක් තමා ආරම්භ කළ බවත් උන්වහන්සේ කියා සිටියි.

“නඩුවක තියෙන ස්වභාවය සහ එවට යන කාලය, ඒවට ගියාම තියෙන මානසික ව්‍යාකූලතාවය, ඒවට යන මුදල් කන්දරාව දන්නේ නඩු තියෙන අපි විතරයි. මට නඩු විසි ගාණක් තියෙනවනේ. ඒව තමයි මේ ඉවර කරගෙන ඉවර කරගෙන එන්නේ. ඒ නිස මගේ හතුරෙකුටවත් එවන් විපතක් නොවේවා කියලා ප්‍රර්ථනා කළත් මේක ඉවසන්න බැහැ. මේ අපහාස කරන හැම එකාටම ඔය කියන ඒවා ඔප්පු කරන්නත් එපැයි. අපි මිනිස්සුනේ. අපිටත් කියලා ආත්ම ගරුත්වයක් තියෙනවා. අපිත් රෙද්දක් ඇදගෙන පාරේ බැහැලා යන්න එපැයි…” යනුවෙන් උන්වහසේ වැඩිදුරටත් පවසති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top