වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු හමුදා භාරයට ගෙන ඇතැයි BBC වාර්තා කරයි.
ඇමරිකාවේ ඉහළම ත්‍රස්ත විරෝධී ඒකකයක් වන ඩෙල්ටා බලකාය විසින් වෙනිසියුලානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳව අල්ලා ගෙන ඇති අතර ඔවුන් වෙනිසියුලාවෙන් පිටතට රැගෙන ගොස් ඇති බව වාර්තා වෙයි. එහෙත් ඔවුන් රැගෙන ගොස් ඇති ස්ථානයක් ගැන ඇමරිකාව විසින් මෙතෙක් ප්‍රකාශ කර නොමැති බවද දැක්වෙයි.
මෙම අල්ලා ගැනීම පිළිබඳව අමෙරිකානු ජනාධිපතිවරයා සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් මේ බව තහවුරු කර තිබේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝග මත ඇමරිකානු පාර්ශවයෙන් වෙනිසියුලාවට සාර්ථක ප්‍රහාර මාලාවක් එල්ල කර ඔවුන් අඩපණ කිරීමට අද අලුයම කටයුතු කර තිබුණි.
මෙම ප්‍රහාර මාලාවේ ඉලක්කය වී තිබුණේ වෙනිසියුලාවේ කරාකස් අගනුවර පිහිටි හමුදා කඳවුරු කිහිපයකි.
ඇමරිකාව විසින් වෙනිසියුලානු ජනාධිපතිවරයාට එරෙහිව මත්ද්‍රව්‍ය චෝදනා එල්ල කරමින් පැවතියද එම චෝදනාව තහවුරු කිරීම වෙනුවෙන් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට ඇමරිකානු ජනාධිපතිවරයා කටයුතු කර නොමැත.
එවැනි පසුබිමක වෙනිසියුලාවද එම මත්ද්‍රව්‍ය චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.
කෙසේවෙතත් වෙනිසොයුලාව යනු තෙල් සම්පත යහමින් ඇති රටක් වන බැවින් එම ඇමරිකාවේ ආක්‍රමණයක් ලෙසද ඇතැම් වාර්තා පෙන්වා දෙයි.






gamepk has a surprisingly good range of games. Nothing mind-blowing, but some solid picks for sure. Take a look if you need something fresh to play: gamepk