/ Feb 16, 2026

වෙරිටේ රිසර්ච් අලුත්ම සමීක්ෂණ වාර්තාව එළියට – නාමල්/සජිත් බලාපොරොත්තු බිඳ වැටීමක්!

පෙබරවාරි මාසයේ මුල වන විට රජය කෙරෙහි ඇති ජනතා කැමැත්ත 65% ක් බව වෙරිටේ රිසර්ච් පවසයි.

ඔවුන් විසින් කරන ලද නවතම සමීක්ෂණයට අනුව එම දත්ත ලැබී තිබේ.

නව රජය බලයට පත් වූ මුල් අවදියේ පැවති 62% ක ජනතා කැමැත්ත හා සැසදීමේ දී රජය පිළිබද මහජන විශ්වාසය ස්ථාවරව සහ වැඩි දියුණු වෙමින් පවතින බව පෙනී යන බවයි එහි දක්වා ඇත්තේ.

වසර හතරක ඉතිහාසය තුළ, පළමු වතාවට, මෙම පෙබරවාරි මුල ප්‍රතිඵලය අනුව, ආර්ථිකය “හොඳ” හෝ “විශිෂ්ඨ” ලෙස ශ්‍රේණිගත කළ අයගේ ප්‍රතිශතය, ආර්ථිකය “දුර්වල” වෙමින් පවතින බවට ශ්‍රේණිගත කළ අයගේ ප්‍රතිශතයට වඩා ඉහළ අගයක් වාර්තා කරයි.

පසුගිය වසරේ පෙබවාරි මුල දී ආර්ථිකය යහපත් වෙමින් පවතින බවට මත කර තිබුණේ සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් 55% ක් පමණි.
එම ප්‍රතිශතය, මේ පෙබරවාරියේ මුල වන විට 64% දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර රට තුළ දේවල් සිදුවන ආකාරය සම්බන්ධයෙන් තමන්ට විශ්වාසයක් ඇති බව සමීක්ෂණයට සහභාගීවූවන්ගෙන් 59%ක් ප්‍රකාශ කර තිබෙන බව සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top