බෞද්ධාගමිකයන්ගේ වැදගත්ම දිනයක් ලෙස සැලකෙන වෙසක් පොහොහ දිනය අදට (12) යෙදී තිබේ.
සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය, බුද්ධත්වය ලබා ගැනීම සහ බුදුන් වහන්සේගේ පරිනිර්වාණය යන සිදුවීම් තුන ම වෙසක් පොහොය දිනයක සිදුවූ බැවින් බෞද්ධයන් එම දිනය උත්සවශ්රීයෙන් සමරති.
ලොව පුරාත්, මෙරටත් වෙසක් දිනය මහත් වැදගත්කමකින් යුතුව සමරති. දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආමිස සහ ප්රතිපත්ති පූජා රැසක් සංවිධානය වී තිබේ. රටේ බොහෝ ස්ථානවල දන්සැල් ද පවත්වනු ලැබේ.