ප්‍රවීණ කලාශූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් දැනුම් දෙයි.
මියයන විට ඔහු 84 වන වියේ පසුවිය. ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ මහතාගේ වැඩිමහල් සහෝදරයා වන්නේද සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ය.
සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් වේදිකාව, සිනමාව, පුංචි තිරය ජයගත් ප්‍රශස්ත රූපනවේදිකු සේම වේදිකා නාට්‍ය, චිත්‍රපට, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු, නිෂ්පාදකවරයෙකු, තිරපිටපත් රචකයෙකු හා ග්‍රන්ථ කතුවරයෙකුද වශයෙන් කලාකෙත පෝෂණය කිරීමට කැප වූවෙකි.
ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ මහතාගේ සහෝදරයා වන සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා රංගනයෙන් මෙන්ම අධ්‍යක්ෂණයෙන් ද කලාකෙත පෝෂණය කිරීමට සමත්වූ අසහාය කලාකරුවෙකි.
1941 පෙබරවාරි 10 වනදා කැලණියේ උපත ලැබූ පැටිකිරිගේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ කලා දිවිය අඩසිය වසරකට එහා ගිය අතීතයකට දිවයයි.
1986 වසරේ දී තිරගත වූ ගාමිණී ෆොන්සේකා විසින් අධ්‍යක්ෂණය කළ ‘කෙටි වලිගය’ චිත්‍රපටයේ සතිස්චන්ද්‍රයන් සිංහල තරුණයෙකුගේ චරිතයට තත්ත්පර 90ක කාලයක් රංගනයේ යෙදී සම්මානයට ද පාත්‍රවිය.
එමෙන්ම 1987 වසරේ සරසවි සම්මාන උළෙලේ දී භික්ෂූන් වහන්සේ නමක් ලෙස රඟපෑ සතිස්චන්ද්‍රයන්ගේ රංගනය කුසලතාවය වෙනුවෙන් විශේෂ ජූරී සම්මානයක් ද හිමිවුණි.
මේ අතර 1963 දී සතිස්චන්ද්‍රයන්ගේ මුල්ම නාට්‍ය නිෂ්පාදනය වූ ‘බකතපස්’ වේදිකා නාට්‍ය වේදිකාගත වුණි.
1966 වසරේදී සම්පත චිත්‍රපටයේ රඟපාමින් රංගනයට එක්වූ ඔහු සැඩොල් කඳුළු, හරි මග, සිදාදියෙන් හයක් , පූජිතයෝ , මාතර ආච්චි , රජ ගෙදර පරවියෝ , ගැහැණු ළමයි, පොඩි මල්ලි , අධිෂ්ඨාන , කරාටේ ජෝ, වදුල ,හිමකතර, රෝසි, කොටි වලිගය , ක්‍රිස්තු චරිතය , මුවන් පැලැස්සේ කදිරා , ජයග්‍රගණය, සුජාතා (නව) , බිතුසිතුවම් , තරණය, දොරකඩ මාරාව , සුරඟන යහන , උණ්ඩය , වැකන්දේ වලව්ව , කන්‍යාවි , ඉර හඳයට, සිහින සරුංගල් සහ හොස්ටේජස්( ඔස්ට්‍රේලියාව) , ද සන් ඔෆ් ද සැනඩොකානෝ(ඉතාලිය), මදර් තෙරේසා ඔෆ් කල්කටා(ඉතාලිය) යන ජාත්‍යන්තර චිත්‍රපට සඳහා සිය රංගන දායකත්වය දැක්වීය .
අධ්‍යක්ෂණය කල චිත්‍රපට: මාතර ආච්චි (1973) රජ ගෙදර පරවියෝ (1975) ශ්‍රී මදාරා(1977) සතර දිගන්තය (1981) අධිෂ්ඨාන (1982)වදුල(1984)
මාතර ආච්චි සහ අධිෂ්ඨාන චිත්‍රපට නිෂ්පාදනය කල ඔහු සතර දිගන්තය චිත්‍රපටයේ සම නිෂ්පාදකවරයා විය.
මාතර ආච්චි , රජගෙදර පරවියෝ , ශ්‍රී මදාරා ඔහුගේ තිර රචනයන් වේ. දයා රාජපක්ෂගේ චිත්‍ර කතාවක් ඇසුරෙන් හුලවාලි චිත්‍රපටය සඳහාද ඔහු විසින් තිර පිටපත රචනා කර තිබේ.
රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍ය: එක මවකගෙ දරුවෝ, පළිඟු මැණිකේ, මිහිකතගේ දරුවෝ, තාරා දේවි, සිව් මංසල, ගව්වෙන් ගව්ව,සුර අසුර, අවිඳු අඳුර, සුදු මහත්වරු, සොඳුරු සිතැත්ති , සෙනෙහෙලතා මැණිකේ , රතුරෝස , අරවින්ද සහ ඉන්දු, සුදු පරවියෝ, ජීවිත මීවිත , ටිකිරි නිළමේ, කෝකිල ගින්න, ගිරිකුල අන්දරය , නාමල් ගොල්ල , බෝපත් සාක්කිය, සුවඳ පත්ම, සව්සිරි උයන, දියවඩන මළුව , මොනරවිල , නිසල විල් තෙර, අඹුදරුවෝ, සරදියෙල්, මයුමි, ඇබෑර්තු ඇත, ස්වයංජාත, ධවල මන්දිරය.
අධ්‍යක්ෂණය කරමින් නිෂ්පාදනය කළ ටෙලි නාට්‍ය: කෝකිල ගින්න, බෝපත් සාක්කිය , සව්සිරි උයන, සත් මහල , සුවඳ පත්ම , මොනරවිල , දියවඩන මළුව
නිෂ්පාදනය කළ ටෙලි නාට්‍ය: ටිකිරි නිළමේ, නාමල් ගොල්ල , ගිරිකුල අන්දරය, නිසල විල්තෙර
අධ්‍යක්ෂණය කල ඒකාංගික ටෙලි නාට්‍ය
අඳුරෙන් එළියට, මල්වර නැකත, ඉමියුරු ලොවයි වැව් මඬලයි
ටෙලි නාට්‍ය සඳහා ලැබූ සම්මාන:විජය රූපවාහිනී උලෙළේ විශිෂ්ඨ රංගන කුසලතාවය – තාරාදේවි (1987) දියවඩන මළුව නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය සඳහා රයිගම් සම්මාන උලෙළේ ජූරියෙ විශිෂ්ඨ සම්මානය (2008) සුමති සම්මාන උලෙළේ යු.ඩබ්ලිව්.සුමතිපාල යාවජීව සම්මානය ( 2009)
අධ්‍යක්ෂණය කරමින් රඟපෑ වේදිකා නාට්‍ය:බකතපස් , අත්තික්කා මල් පිපිලා, හොටබරි යුද්දේ,තහංචි, සොක්කානෝ රජානෝ , අපායේ අවුරුදු
රඟපෑ වේදිකා නාට්‍ය:වෙස්සන්තර , ශ්‍රි වික්‍රම , මනරංජන වැඩ වර්ජන ,ඉබිකට්ට, මහ ගෙදර, චෙරි උයන , ලියතඹරා , මහහේනේ ඊරි යකා , අනේ මස්සිනේ, රුධිරය සහ ගංගාව, මහ කොළඹ, එරබොදු මල් පොට්ටු පිපිලා, ගැහැණියක්, සයුරෙන් ආ ළඳ, ඔන්න බබෝ ඇතින්නියා, හබුන් කටයි බත් දෙකටයි, එළඳ, රතු රෝස
වේදිකා නාට්‍ය වෙනුවෙන් ලද සම්මාන: සොක්කානෝ රජානෝ වේදිකා නාට්‍ය සඳහා සාම සම්මානය (1984)
රචනා කරන ලද කෘති: කාර්ය සාධක නායකත්වය, යහපත, කට වට කර වැට, අප සතු මිණිමුතු, නායකත්වය, අපේ තාත්තා, අපේ අම්මා, ජලය සහ මිනිසා, සීයාගෙන් මුණුබුරාට පාඩමක්, කළගුණ, ඔබ තවමත් ප්‍රමාද නැත
ලැබූ ගෞරව සම්මාන: කලාශූරි සම්මානය (1990)
සෞන්දර්ය රත්නකලා ශිරෝමණී ගෞරව උපාධිය (2006)
කැළණිය දළුගම නුවන යොවුන් සමාජයේ ගෞරව සම්මානය (1984)
කැලණිය පුත්‍ර නාග සම්මානය (1994)





