එළඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු ඉන්දීය පිතිකරු වික්‍රම් රාතෝර් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
ඒ අනුව ඔහු ලබන සතියේදී නිල වශයෙන් කණ්ඩායම සමඟ එක්වීමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
56 හැවිරිදි වික්‍රම් රාතෝර්, 2021 වසරේ සිට 2024 වසර දක්වා ඉන්දීය ජාතික කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කළේය.
ඔහු මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස ද කටයුතු කරයි.





