සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ නමැති අයගේ ප්‍රධාන ගෝලයෙකු බව කියන වලස් කටා නමැති සැකකරු පෑලියගොඩ අපරාධ කොට්ඨාස භාරයේ සිටියදී මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලකින් පැන පලා යාමට උත්සාහ කර තිබේ.
එහිදී තුන්වැනි මහලින් වැටී, වලස් කටාගේ දෙපා සහ එක් අතක් බිඳී ඇතැයි වාර්තා වේ. අඩි 27ක පමණ උසකින් ඔහු මෙසේ පැනීමට උත්සාහ කර ඇත්තේ වැසිකිලි යෑමට අවශ්‍ය බව පවසමිනි.
මෙම අනතුරේ ස්වභාවය අනුව සැකකරුගේ ජීවිතය බේරී තිබීම පුදුමයක් බව ආරක්ෂක අංශ පවසයි.
කෙහෙල්බද්දර පද්මේගේ අපරාධ සම්බන්ධ වැදගත් තොරතුරු ගණනාවක් වලස් කටා නමැත්තා දන්නා බවයි පැවසෙන්නේ.