/ May 30, 2025

දිස්ත්‍රික්ක කිහිපයකට අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක කිහිපයක ඇතැම් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, පස්බාගේ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක, බුලත්කොහුපිටිය, යටියන්තොට සහ රුවන්වැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් බවින් සිටින ලෙසයි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද පෙරවරු 10.00 සිට හෙට පෙරවරු 10.00 දක්වා අදාළ අනතුරු ඇඟවීමේ නිවේදනය බලාත්මක වන බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top